තමන්ගේ වත්කම් ඉපයීම සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අතර කිසිම සම්බන්ධතාවයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමිනි.
මෙම සාක්ෂි දීම ඔහු සිදු කරනු ලැබුවේ බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේය.
උතුරු පළාතෙන් පිට මං වූ පසු අවුරුදු පහක් අනාථ නිවාසයක සිට ඉන් පසු දේශපාලනයට පැමිණ මෙතරම් ධනවතෙක් වූයේ කෙසේදැයි කොමිසමේ විනිසුරුවකු විසින් කළ ප්‍රශ්නයකට ඔහු මෙසේ එසේ සිටියේ ය.
අනාත වූවා කියා තමන් හිඟා කෑමට උවමනා නැති බවත් තමනට ව්‍යාපාර කළ හැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා තමන් කිසිම අවස්ථාවක ඇමති ධුරය සහ වරප්‍රසාද වත්කම් උපයා ගැනීම සඳහා භාවිතා කර නැති බවත් සෑම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියේය.
වත්කම් ගැන සහ පාස්කු ඉරිදා ප්‍රහාරය අතර කිසිම සම්බන්ධයක් නැති බවත් තමන්ගේ චරිතය ඝාතනය කරන්නට නම් මෙම ප්රශ්නය හොඳ බවත් පැවසූ ඔහු එනිසා පාස්කු ප්‍රහාරය ගැන සොයන්නයිද තවදුරටත් කියා සිටියේය.