මේ වන විට තවත් Covid 19 ආසාදිත මරණයක් වාර්තා වී තිබේ. එම මරණය වාර්තා වී තිබෙන්නේ කොළඹ 13 ප්‍රදේශයෙනි. ඒ අනුව වයස අවුරුදු 79ක් වයස කාන්තාවක් සිය නිවසේදීම මිය ගොස් ඇති අතර කොරෝනා ආසාදිත රෝගියෙකු බවට තහවුරු කරගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.
ඇය මාසයකට ආධික කාලයක් රෝගාතුරුව සිට ඇති අතර මිය යාමට හේතු වී ඇත්තේ Covid 19 වෛරසය ආසදනය වීම නිසා ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.
කොළඹ 13 ප්‍රදේශයේම තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර ඔහුටද Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.
ඔහු 78 හැවිරිදි තැනැත්තෙක් වන අතර නිවසේදී සිදු වූ ඇද වැටීමකින් හිසට සිදු වූ බරපතල හානි සහිතව පසුගිය 02 වැනි දින කොළඹ ජාතික රෝහලට ඇතුල් කර තිබෙන අතර ඊයේ (03) දින ඔහු මියගොස් තිබේ.
කෙසේවෙතත් එම තැනැත්තා මිය යාමට ආසන්නම හේතුව Covid 19 වෛරසය ආසාදනය වීම ලෙස නොසලකන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.