gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුකියෝ වැඩ අල්ලයි - ක‍්‍රීඩකයෙකුට LPL පාවාදෙන්නැයි යෝජනාවක් !

නිද්දා (26) ආරම්භවීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කරන මෙරට යොවුන් ක‍්‍රීඩකයෙකු හට තරග පාවාදීමට කළ යෝජනාවක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වේ.
අදාළ යෝජනාව සම්බන්ධව පැය 24ක් ගතවීමටත් පෙර අදාල ක‍්‍රීඩකයා විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.  
 
මෙම පැමිණිල්ල කර ඇති ක‍්‍රීඩකයා 24 හැවිරිදි වියේ පසුවන දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු බවද පැවසේ.
 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා ලෙස තේජක වනිගසේකර මහතා කටයුතු කරයි.
 
LPL ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඩුවම් - SLC

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලියේ ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තක් හෝ තරගාවලිය තුලදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඔවුන් සඳහන් කළේය. 

මුදලට තරග පාවා දීම, දූෂණ වංචා, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවන් ශ්‍රී ලංකා නීතිය යටතේ සාපරාධී වැරදි බවට පත්කරමින් මෑතක දී පනවනු ලැබූ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනතට අනුගත වෙමින් තරගාවලියට සහභාගී වන සියලුම දෙනා කටයුතු කිරීම අනිවාර්ය වේ.  

තරගාවලිය අතරතුර සැක සහිත හෝ දූෂිත ක්‍රියායාවක් පිළිබඳව වාර්තා වුවහොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද හදුන්වාදී ඇති අතර එම දුරකථන අංක සහ විද්‍යූත් ලිපිනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාව - +94769053800

ඩුබායි - +97565458909 (මෙම අංකයට වට්ස්ඇප් මඟින් ද ඇමතුමක් ලබා දිය හැක.)

විද්‍යුත් තැපැල් - anti-corruption@srilankacricket.lk

-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka