gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
එම පිරිස සමඟ මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 66 දක්වා ඉහළ යයි.

අද දිනයේ මිය ගිය රෝගීන්ගේ විස්තර වාර්තාව මෙසේය.

කොළඹ 10 පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වැලිකන්ද මූලික රෝහල දී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය වීම මරණයට හේතුවයි.

69 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසේදී ගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය මරණයට හේතුවයි.

71 හැවිරදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය දියවැඩියාව සමග කොරෝනා ආසාදනය මරණයට හේතුවයි.

කොළඹ 02 පදිංචි 81 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග නිව්මෝනියා තත්ත්වය ඇතිවීම මරණයට හේතුවයි.

82 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොරෝනා ආසාදනය මරණයට හේතුවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka