තවත් කොරෝනා ආසාදිතයන් හතර දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ගණන 94 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයාට අනුව එම මරණ සිදු වී ඇති ආකාරය මෙසේය.
ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 77 දී පුද්ගලයෙකු බන්ධනාගාර රෝහලේ සිට රාගම රෝහලට මාරු කර යැවීමෙන් පසු එහිදී මියගොස් තිබේ. ඔහුගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග පාචන රෝගී තත්ත්වය ඇති වීමෙන් බහු අවයව අක්‍රිය වීමයි.
සියඹලාපේ දකුණු ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව නිදන්ගත වකුගඩු රෝගය සමඟ කොරෝනා උත්සන්න වීමයි.
කොළඹ 15 පදිංචි 73 හැවිරිදි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ නිවුමෝනියාව උත්සන්න වීමයි.
බන්ඩාරගම අටලුගම ප්‍රදේශය 42 හැවිරිසි පිරිමි පුද්ගලයෙකු කොළඹ අයි ඩී එච් රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ නිදන්ගත අක්මා රෝගය උත්සන්න වීම සහ මොලය ඉදිමීමයි.