gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විල්පත්තු රක්ෂිතයේ ඉඩම්වලට අයිතිකරුවෝ පෝලිමේ !

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ තම ඉඩම් ඇති බව කියමින් විශාල පිරිසක් ඉඩම් බලපත්‍රද රැගෙන මේ දිනවල විල්පත්තුව රක්ෂිතයට පැමිණෙන්නට පටන්ගෙන තිබේ.

අක්කර 115ක ඉඩමක් තමන් සතුව ඇති බව කියමින් එක් පුද්ගලයකුද තවත් අක්කර 02ක් තමන්ට හිමි බව කියමින් තවත් අයකුද ඔවුන්ට නිකුත් කළ බව කියන බලපත්‍රය සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පාලකවරුන් හමුවට පැමිණ තොරතුරු ඉදිරිපත් කොට ඇතැයි විල්පත්තු ජාතික වනෝද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවැසීය.

මීට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ හා ඉන් පිටත ඉඩම්වලට අයිතිවාසිකම් කියමින් පැමිණෙන පිරිස වැඩිවෙමින් පවතින බවත් එම ඉඩම් සඳහා විවිධ වර්ගයේ බලපත්‍ර ඔවුන් විසින් රැගෙන එන බවත් වනෝද්‍යානයේ නිලධාරීහු ප්‍රකාශ කරති.

එම ඉඩම් සඳහා ඇති බලපත්‍ර පිළිබඳව විශාල සැකයක් ඇති බවත් ත්‍රස්තවාදී කලබල සමයේ විල්පත්තුවේ ඉඩම් අතහැර ගිය පිරිසට වෙනත් පළාත්වලින් ආදේශක ඉඩම් ලබාදීමේ පදනම මත ඔවුන්ට ඉඩම් හිමිව තිබීමත් නිසා විල්පත්තුවේ අයිතිය කියා සිටින ඉඩම් ඔවුන්ට ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිලධාරීහු කියා සිටිති.

රසාදි චතුරංගි ගමගේ – වව්නියාව (මව්බිම) 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka