gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වේදිකා නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවකද වන අනුලා බුලත්සිංහල වයස අවුරුදු 73ක්ව සිටියදී අභාවප්‍රාප්ත වුණා.

අනුලා බුලත්සිංහල අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි ඇයගේ සැමියා වන ප්‍රවීන නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල ප්‍රකාශ කළේ.

කුවේණි සහ මහාසාර නාටකවල රංගනයන්ගෙන් කුසලතා පෙන්වූ අනුලා බුලත්සිංහල, භවත්‍රා ටෙලිනාට්‍යය, සහ අසන්ධිමිත්තා, නිල්දිය යහන වැනි සිනමා පටවලින්ද ප්‍රේක්ෂකයින් අතරට පිවිසුණා.

දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකාවෙහි නෙයිනගේ සූදූව රඟමින් ඇය ඉදිරිපත් කළ ගායනය රසිකයන්ගේ මතකයේ නොමැකෙන සටහනක්.

විජේරත්න වරකාගොඩ සමඟ රඟහල දැන් ඇත අඩඅඳුරේ ගායනය මුලින්ම ඉදිරිපත් කළේද අනුලා බුලත්සිංහලයි.

අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka