gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විස්සේ අඩුපාඩු ගැන වාසුත් අගමැතිට ලියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ ඇතුළත් ඇතැම් වගන්ති ගැටලුසහගත බව පවසමින් වාසුදේව නානායක්කාර ඇමතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

වාසුදේව නානායක්කාර ඇමතිවරයා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු නමුත් එහි සඳහන් ඇතැම් සාධනීය ලක්ෂණ ආරක්ෂා කළයුතු බවයි. 

ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාල පුද්ගලයා අනෙක් ර‍ටේ පුරවැසිභාවය අතහැර ඒ සඳහා සුදුස්සෙකු බවට පත්විය යුතු බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වළක්වාලන වගන්තිය තවදුරටත් ආරක්ෂා කළ යුතු බවයි.

මීට අමතරව නව සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමද අනුමත කළ නොහැකි බවයි නානායක්කාර මහතා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ.

වාසුදේව නානායක්කාර මහතා මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධය පළකළ නමුත් ඉන්පසු ඔහු ඒ සඳහා පූර්ණ සහයෝගය පළ කළේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka