මඩකලපුව, පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට වූ චෝදනා මත එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ බාරවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමි වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එම්. මොහොමඩ් අමීන් සහ නීතිඥ දාවුඩ් උවෛයිස් පෙනී සිට ඇති බව වාර්තා වනවා.
එහිදී උන්වහන්සේ ඇතුළු තවත් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට විනිසුරු ජිවරානි කරුප්පයියා නියෝග කළා.
ඉකුත් සැප්තැම්බර මස 21 වෙනිදා මඩකලපුව මංගලාරාමය විහාරාධිපති අම්පිටිය සුමරතන හිමිපාණන් ඇතුළු තිදෙනෙකු පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලකුණු කර පර්යේෂණ සිදුකරන ප්‍රදේශය තුළට බලහත්කාරයෙන් ඇතුල්වී මඩකලපුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ව එම ස්ථානයට කැඳවා නිලධාරි තිදෙනකුට පහර දී ටකරම් මඩුවක් තුළ රඳවා ගත් බවට එම නිලධාරීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමගම කරදියනාරු පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් සුමනරතන හිමිපාණන් සමග සාකච්ඡා කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් මුදා ගැනීමට පියවර ගෙන තිඇත.ගත්තා.
මෙම සිද්ධියට මුහුණ පෑ මඩකලපුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින්ගේ පැමිණිල්ලක් අනුව කරදියනාරු පොලිසිය විසින් එරාවුර් සංචාරක අධිකරණයේ දණ්ඩ නීති සංග්‍රහය 183, 344, 323 අංක දරන කොටස යටතේ නඩු පවරනු ලැබුවා.
