කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බැවින් එය මෙරට තුළ පාලනය කළ පමණින් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි බව වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් -19 සමග ජීවත්වීමට අපි ඉගෙන ගත යුතු අතර කොවිඩ් යනු ගෝලීය වසංගතයක් වන බැවින් එය අද හෙට ඉවර වෙන දෙයක් නොවන බව ඒ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානීවරයා මෙසේද පැවසීය.
"අපේ රටට විතරක් මෙය පාලනය කරලා නිදහසේ ඉන්න බැහැ. ඒක නිසා ලෝකයෙන්ම කොවිඩ් - 19 වසංගතය තුරන් වෙන තාක් අපිටත් කොවිඩ් 19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය පනවලා සමාජ ක්‍රියාකාරීත්වය නවත්වලා අපිට මේ කොවිඩ් - 19 රෝගයට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නෑ. සාමාන්‍ය ජන ජීවිතය අපට හැකි උපරිම මට්ටමින් පවත්වාගෙන යන ගමන් කොවිඩ් - 19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා. උසස් පෙළ විභාගය ආරම්භ වී මාසයක් පුරා පැවැත් වෙනවා. ඉතින් මෙතැනදී දරුවන්, දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් විශාල කාර්යභාරයක් තියෙනවා කොවිඩ් -19 තියෙන කොටම කිසිදු බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත් වීමට. උසස් පෙළ විභාගයට රෝහල්වල සිටින අයට, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට, විභාගයට ලියන්න පහසුකම් සලසා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ අභියෝගය කොවිඩ් -19 තියෙන කොටම ඉතාම සාර්ථකව රටේ දරුවන්ගේ අනාගතය තීරණය කරන විභාගයක් පැවැත් වීමයි.“