gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනාවට ‘සුදර්ශණ පැණිය’ දෙනවාට බටහිර දොස්තර විරෝධයේ.. බටහිර ක‍්‍රමයටම බෙහෙතක් අවශ්‍ය බව කියයි

ජයේ රෝහල්වල රදවා සිටින කොරෝනා ආසාදිතයන් සඳහා ආයුර්වේද ඖෂධ යක් වන ‘සුදර්ශන පැණිය’ නිර්දේශ කිරීමට යාම නීතිවිරෝධී කටයුත්තක් යැයි විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සඳහන් කරයි. රාජ්‍ය ඇමති ජයසුමන මහතා විසින් මෑතකදී සඳහන් කළ පරිදි සුදර්ශන පැණිය රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ට ලබා දීමට සූදානම් වන බවට කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

වසර දහස් ගනනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්නය පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමය පිළිබඳව යැයිද ඔහු සඳහන් කළේය.

බටහිර වෛද්‍යවරු විසින් ආයුර්වේද ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් රෝගීන් සදහා නිර්දේශ කිරීම බරපතළ වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීමක් බවත් එයට දඬුවම වන්නේ ලියා පදිංචිය අහෝසි කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම සුදර්ශන පැණිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති ඖෂධයක් බවත් එය රජයේ රෝහලක නියම කිරීම ද වරදක් බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මෙය ඖෂධය භාවිතයට ගැනීමට පෙර සායනික පරීක්ෂකට යොමු කළ යුතු බවත් විවිධ තත්ව යටතේ අධ්‍යනය කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේය.

එසේ නොකර සුදර්ශන පැණිය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රෝහල්වලට නිර්දේශ කිරීමෙන් එම ක්‍රමවේද උල්ලංඝනය කිරීමක් මෙන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විහිළුවකට ලක් කිරීමක් සිදුවන බවද ඔහු කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka