gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත්ද්‍රව්‍ය,පාතාලය ගැන හොයන්න තිබුණ නිසා ඉස්ලාම් අන්තවාදය මඟ හැරුණා - STF හිටපු අණදෙන නිලධාරියා පාස්කු කොමිසමේදී කියයි

2017 වසරේදී පොලිස් විශේෂ බලකායට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය  වැටලීම් මෙන්ම නීති විරෝධී පස් කැපීම් ගල් හා වැලි ප්‍රවාහනයන් සෙවීම් ඇතුළු රාජකාරී රැසක් පැවති හෙයින් නැගෙනහිර පළාතේ හිස ඔසවමින් තිබුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අවධානය යොමු කිරීමටනොහැකි වූ බව එහි හිටපු අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා ප්‍රකාශ කළේය.

ලතිෆ් මහතා මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (10) තෙවන දිනයට සාක්ෂි ලබා දෙමිනි. 

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම වෙනුවෙන් ස්ථාපිත වූ මෙම විශේෂ කාර්ය බලකායට 2017 විශේෂ ගැසට් පත්‍රයක් මඟින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය  වැටලීම් මෙන්ම නීති විරෝධී පස් කැපීම් ගල් හා වැලි ප්‍රවාහනයන්  ආදී රාජකාරී ද පැවරුණි. 

මෙහිදී කොමිසම විසින් ලතීෆ් මහතාගෙන් විමසා සිටියේ ඉස්ලාම් අන්තවාදය පිළිබද එස්.ටී.එ.ෆ් බුද්ධි අංශයට වාර්තා නොවීමට හේතුව කුමක් ද යන්නයි. ඊය පිළිතුරු දෙමින් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරියා පැවසුවේ, ''හුඟක් වෙලාවට අපිට වාර්තා වුණේ මුස්ලිම් ජනකොටස් අතර ගැටුම් තමයි. පශ්චාත් යුද කාලෙ එස්.ටී.එෆ්.  කාර්ය භාරය වුණේ පොලිස් නිලධාරීන්ට සහාය වෙමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම. නමුත් ස්වාමීනි 2017 අගෝස්තු 11 නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් එස්.ටී.එෆ්. එකට නියම කළා සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න'' යනුවෙනි.  

අනතුරුව යළිත් කොමිසම විසින් ප්‍රශ්න කර සිටියේ නැගෙනහිර ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු සොයා බැලුවේද යන්න පිළිබඳවයි. එසේ තොරතුරු සොයා නොබැලූ බවත් 2017 වසරෙන් පසු තමන්ට ලැබුණු වගකීමට ප්‍රමුඛතාවයක් ලබාදී කටයුතු කළ බවත් රාජ්‍ය බුද්ධි සේවයෙන් විටින් විට ලැබුණු නියෝග අනුව එල්.ටී.ටී.ඊ. සැකකටයුතු ක්‍රියා සහ බෝම්බ වල දමා ඇති ස්ථාන ගැන සොයා බැලීම සිදු කළ බවත් ඊට පිළිතුරු ලෙස ලතිෆ් මහතා කියා සිටියේය. 

ඉස්ලාම් අන්තවාදී කටයුතු පිළිබඳ සෙවීමට තමන්වත් සම්බන්ධ කර  ගනීවි යන බලාපොරොත්තුවෙන් තමන් පසු වූ බවද ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් සාක්ෂි දෙමින් ලතීෆ් මහතා සඳහන් කරන ලද්දේ යහපාලන රජය බලයට පත්වීමට පෙර සතිපතා පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලට එස්.ටී.එෆ් අණදෙන නිලධාරියා හා එස්.ටී.එෆ්. බුද්ධි ප්‍රධානියා සහභාගී නමුත්  යහපාලන රජය බලයට පත් වීමෙන් පසු එස්.ටී.එෆ්. නියෝජනයක් අවශ්‍ය නොමැති බව දන්වා තිබූ බවයි. පෙර මෙන් එස්.ටී.එෆ්. වෙත  කැඳවීමක් කළා නම් අන්තවාදය පිළිබද අවධානය යොමු කරන බවද  හෙතෙම අවධාරණය කළේය.  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka