දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයන් හමුවූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මිනුම්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 200 ක පිරිසක් රෝහල්ගත කිරීමට හෝ නිරෝධායන කිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කරයි.
එමෙන්ම රෝහල්ගත වූ අයගේ පවුල්වල පිරිස් නිරෝධායනයට යොමු කිරීමටද නියමිත බව ඔහු සඳහන් කළේය.
එම කර්මාන්ත ශාලාවේ සේවකවන් හෝ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු නිවෙස්වල සිටිය නොහැකි බවත් ඔවුන් අනිවාර්යෙන්ම රෝහල් තුල හෝ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින යුතු යයිද ඒ මහතා පැවසීය.
