gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමුදාපති කෙනෙක් හමුදාවේ සෙබළියෝ දූෂණය කළා කියපු මන්ත්‍රිට ෆොන්සේකා සැරටම අමතයි

සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20වැනි සංශෝධනයට දානවානම් තමන්ද අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධන විවාදයට එක්වෙමින් කියා සිටියේය.

“තමුන්නාන්සේලා පසුගිය කාලේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව මතයක් හැදුවා. ත්‍රස්තවාදීන් කියලා ඒකට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව එක තැනකට එකතු කළා. හැබැයි එහෙම මතයක් හදලා තමුන්නාන්සේලා අධිකරණ ඇමැති දැම්මේ මුස්ලිම් ජාතිකයෙක්. බුද්ධි අංශ ප්‍රධානියා මුස්ලිම් ජාතිකයෙක්. දවසක් ආරක්ෂක ලේකම් කියනවා හමුදාවේ හිටපු හොඳම නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක් කියලා.

සිංහල බෞද්ධ ජනතාව රවට්ටලා එහෙම කරන්න එපා. සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ වගන්තියක් දාන්න 20වැනි සංශෝධනයට. අපිත් කැමැත්ත දෙනවා. හැබැයි ඒ වගේම අනෙක් ජාතීන්ගේ අයිතියටත් ගරු කරන්න.” යනුවෙන්ද පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ඊයේ මෙතන මන්ත්‍රීවරයෙක් කථා කළා හමුදාවේ අයට විරුද්ධව. හමුදාවේ අයට ඒ ගොල්ලන්ගේ මානසිකත්වයට ඒ අයට දේශපාලනය කරන්න බෑ කියලා. හමුදාවේ අය ඉන්නවා ජනාධිපතිවරු වෙච්චි අය. ඒ නිසා එ වගේ කතා කියන්න එපා. මේ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්නවා අපේ පැත්තෙත්. අනෙක් පැත්තේ කෙනෙක් කිව්වා හමුදාපති කෙනෙක් හමුදාවේ සෙබළියෝ දූෂණය කළා කියලා. යුද හමුදාව කියන්නේ ඉතා පිරිසිදු තැනක්. ඒ කියපු පුද්ගලයා දුම්රියේ වඩේ විකුණපු කෙනෙක්. වඩේ අස්සේ ගංජා තියාගෙන විකුණුවා. එයා තමයි වඩේ විකුණද්දී ස්ත්‍රීන් දූෂණය කළේ. ඒ පුද්ගලයාට මම කියන්නේ හමුදාවට අපහාස කරන්න එපා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka