සමාජය තුළ නැවත කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ආණ්ඩුව සම්පූර්ණ වගකිව යුතු බව සමගි ජන බලවේගය පවසනවා. අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ මහ මැතිවරණයේදී මෙන්ම ඉන් පසුවත් ආණ්ඩුව කොරෝනා වසංගතයේ අවදානම නොතක කටයුතු කළ බවයි.
මෙම වසංගතය අඩු-වැඩි වෙමින් වසර දෙකක පමණ කාලයක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධාරණය කර තිබියදී ආණ්ඩුව මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ බවත් මැතිවරණය පැවැත්වීමට මුල සිටම විපක්ෂය විරෝධය පළකළ බවත් මන්ත්‍රීවරයා පවසනවා. එම විරෝධය ද නොසලකා මහ මැතිවරණය පැවත්වීම හේතුවෙන් මුලු රටම අද අවදානමට ලක්ව ඇති බවයි රාජිත සේනාරත්න මහතා පවසන්නේ.
මෙවර කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූයේ කෙසේද යන්න හඳුනා ගැනීමට තවමත් ආණ්ඩුව අසමත් වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා. නැවත සමාජය තුළ වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යන නමුත් ඊට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි මන්ත්‍රීවරයා පවසනවා.