පොළොන්නරුව මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු කරගෙන තිබෙනවා. 47 හැවිරිදි මෙම කාන්තාව දින කිහිපයකට පෙර රෝහලට ඇතුළත් වී ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයක් සඳහා ප්රතිකාර ලබා ගැනීමටයි.
කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ අයට වෛරසය ආසාදනය වී ඇති බවයි. අද දිනයේදී ඇයට තවත් පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි පොළොන්නරුව මහ රෝහලේ බළධාරීන් පවසන්නේ.
