gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කළුබෝවිල රෝහලේ සුලූ සේවකයින් දෙදෙනෙකුටත් කොරෝනා. කාර්යය මණ්ඩලයේ පිරිසකට PCR පරීක්ෂණ

කළුබෝවිල රෝහලේ කාර්යය මණ්ඩලයේ 02නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමග එම රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, 07වන සහ 23 වාට්ටු ඊයේ තාවකාලිකව වසා තැබීමට රෝහල් පාලන අධිකාරීය තීරණය කළා. කෙසේවෙතත් හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය සහ 23වන වාට්ටුව විෂබිජ හරණය කිරීමෙන් පසු අද විවෘත කෙරුණු බවයි රෝහල් පාලනාධිකාරීය පැවසුවේ. එම ආසාදිතයින් රාජකාරී සිදු කළ වාට්ටු සහ ඒකකවල සේවයේ නිරත පුද්ගලයින් සඳහා පී සී ආර් පරීක්ෂණ මේ වන විට සිදු කෙරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කළුබෝවිල රෝහලේ කාර්යය මණ්ඩලයේ හදුනාගැණුනු ආසාදිතයෙකු ඉකුත්දා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ සමීපතමයින් 08 දෙනෙකු පාර්ලිමේන්තු බට නිවාසයේ ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. 
මේ අතර අගමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ සිදු කළ පී සී ආර් පරීක්ෂණයකදීයි.  කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමග දොඩංගොඩ ගම්මාන දෙකකට සහ මීගහතැන්න ගම්මාන 05කට සංචරන සීමා පනවා තිබෙනවා.

මේ අතර රත්තොට ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු හදුනා ගැනීමත් සමග එම ප‍්‍රදේශයේ සංචාරකයින් පැමිණෙන ස්ථාන අද සිට වසා දැමීමට රත්තොට ප‍්‍රදේශීය සභාව තිරණය කළා. ඒ අනුව රිවස්ටන් සහ බඹර කිරිඇල්ල ආදී සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන ස්ථාන වසා දැමීමට පියවර ගත් බවයි එම ප‍්‍රදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකෝන සඳහන් කළේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණයට ඉකුත්දා පැමිනි තෙල්දෙනිය ප‍්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ මත්ස්‍ය වෙළෙන්දෙකු හමු වීමත් සමග හැටන් නගරයේ මහජන වෙළදපොල තාවකාලිකව වසා දැමුණා. අදාල පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැුගෙන විත් අලෙවි කර ඇති බවයි හැටන් දික්ඔය නගර සභාව පැවසුවේ. එම පුද්ගලයා හැටන් නගරයේ ආපනශාලා කිහිපයකට සහ වෙළදසැල් කිහිපයකට ගොස් ඇති අතර පසුව එම වෙළදසැල් ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ අදාල පුද්ගලයාගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka