gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිවුලපිටිය පාසල් සිසුන්ගේ PCR පරීක්ෂණ නෙගටිව්

 දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇයගේ දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම දියණිය ඉගෙනුම ලබන පාසලේ සිසු සිසුවියන්  සහ ගුරුවරුන් ඇතුළුව 101 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. මේ වනවිට එම පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එම ප්‍රතිඵලවලට අනුව එම 101 දෙනාගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මෙම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට වන අතර ඔවුන්ගෙන් 42 දෙදෙනෙකු මේ වනවිට මීගමුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තිබෙනවා. තවත් 06 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනය වෙමින් සිටී.

මේ අතර අදාල පාසලේ ඉගෙනුම ලබන සිසු සිසු‍වියන් ගුරුවරුන් ඇතුළු 1300 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය වෙමින් සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka