මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව රජය විසින් සත්‍ය තත්වය වසං කළ නිසා බව වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරසය පාලනය කර අවසන් බවත් බියවෙන්න දෙයක් නැති බවටත් රජය විසින් නිරන්තරයෙන් සිදු කර ප්‍රකාශ වලින් ජනතාව තුළ කොරෝනා වෛරසය ගැන තිබූ බිය පහව ගිය බවත් එනිසාම මෙම තත්ත්වය ඇති වූ බවත් ඔහු පැවසීය.
දැන් හෝ රජය මෙම වෛරස පැතිරීම පිළිබඳව නිසි අවදානම් තත්ත්වය ජනතාවට පැහැදිලි නොකළහොත් තත්ත්වය තවත් දරුණු වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
