චීනයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් අද මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ඔවුන් හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
හිටපු චීන විදේශ අමාත්‍යවරයා ද මෙම දූත කණ්ඩායම ඇතුළත්ව සිටී.
චීනය එරට මුහුණ දුන් කොරෝනා වසංගතයෙන් පසුව දකුණු ආසියානු කලාපයේ රටක සංචාරයේ නිරතවන පළමු සංචාරය මෙයයි.