gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි : අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වළකින්නැයි දැනුම් දෙයි

දැනට රට තුල පවතින සෞඛ්‍යමය තත්ත්වයන් හේතුවෙන් මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටිනවා.

නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළදිය යුතු බවත් අත් සේදීම සහ මුහුණු ස්පර්ශ කිරිමෙන් වැළකී සිටිය යුතු බවත් ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු බවත් අත්‍යාවශ්‍ය විටෙක හැරෙන්නට නිවසින් පිටතට පැමිණීමෙන් වැලකි සිටිය යුතු බැවින් එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka