gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹින් කාර් අරන් හොර ලේකන සාදා උතුරට විකිනීමේ ජාවාරමක් !

කොළඹ ප්‍රදේශයෙන් කුලීපදනම යටතේ කාර් රථ රැගෙන ව්‍යාජ ලිපි ලේකන සාදා උතුරු ප්‍රදේශයට විකිනීමේ ජාවාරමක නිරත වූ අයෙකු කාර් රථයක්ද සමගින් යාපනයේදී අත්අඩංගුවට ගත් බවට නෙල්ලියඩි පොලීසිය පවසයි.

කාර් රථ ජාවාරමේ නිරත වූ පුද්ගලයා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී කාර් රථයක් විකිණීමට ගත් උත්සහයකදී කාර් රථයේ හිමිකාරීත්වය පිළිබඳව ගැනුම් කරුට ඇති වූ සැකයක් හේතුවෙන් ඒ පිළිබඳව නෙල්ලියඩි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අදාල කාර් රථය විකිණීමට පැමිණි පුද්ගලයා කාර් රථයද සමගින් පොලිස් භාරයට ගනු ලැබීය.

අනතුරුව කාර් රථයේ හිමිකාරීත්වය පිළිබඳව සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ කාර් රථයේ පොත ඇතුලු ලිපි ලේකන සියල්ලක්ම ව්‍යාජ ඒවා බවටත් කාර් රථය කොළඹ ප්‍රදේශයෙන් කුලී පදනම මත එක් අයෙකු විසින් ගෙන එම පුද්ගලයා තවත් අයෙකුට කාර් රථය කුලී පදනම මත ලබා දීමෙන් පසුව කාර් රථයට ව්‍යාජ පොත් ඇතුලු ලිපිලේකන සකසා විකිණීමට උත්සහ දරා ඇති බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka