gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෑලියගොඩ මත්ස්‍ය වෙලදපලේ පිරිසක් පරීක්‍ෂණ, නිරෝධායනය බෑ කියා කුණු ඇලෙන් පීනා පලා යයි.. ඇතැමුන් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිතයන්ගේ අශ්‍රිතයන් පිරිසක් නිරෝධායන ප්‍රතික්ෂේප කර පලා ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේ යුධ හමුදා සහාය ඇතිව බස්රථවලින් එම ආශ්‍රිත පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වල පිටත් කර හැරීමේ අවස්ථාවේදී මෙම තත්ත්වය ඇති වී තිබේ.

එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වඩා වැඩි පිරිසක් වෙළඳ සංකීර්ණය අසල ඇති අපවිත‍්‍ර ජලය ගලා යන ඇළ මාර්ගයට පැන එගොඩට පිහිනා පලාගොස් තිබේ.

ඔවුන් සොයා ගැනීම සඳහා පොලීසිය සමග මහජන පරීක්ෂකවරුන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එසේ නමුත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවතත් දුරකථනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අමතා ක්‍රියාවලිය සමඟ නැවතත් සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇත.

මෙසේ පලා ගොස් ඇති ඇතැමුන් මත්කුඩු පානයට හුරු ඇබ්බැහි වූ පුද්ගලයන් බව ද හෙළි වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka