බොහෝ විට කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් ජීවත් වන නිවෙස් අසල සිටින පුද්ගලයින් නිරෝධායනයට රැගෙන ගොස් නැති බවට පැමිණිලි ලැබී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මොවුන් රැගෙන යාමට යම්කිසි සුළු කාලයක් ඊට ගතවීමට හැකියාව ඇති බවත්, ආසාදනයට පත්වූ සියලු දෙනාම අනිවාර්යෙන්ම රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු කරන අතර, ඔවුගේ පවුල්වල සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් නිරෝධායනය කිරීමට කටයුතු කරනු බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර, සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකු හමුව ඇති බවද හමුදාපතිවරයා සඳහන් කරනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපති,
“ඊයේ දිනයේ දී වාර්තා වු අයගෙන් 80 දෙනෙකුම නිරෝධයන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් පවතින අයවලුන්. තවත් 114 දෙනෙක් නිරෝධායනය නොවන නමුත් වෙනත් ස්ථානවලින් හෝ ස්වයං නිරෝධායනයක ලක් නොකරපු අය හැටියට වාර්තා වෙනවා. එයිනුත් බහුතරයක් වාර්තා වෙන්නේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශ වලින්. ඒ අනුව ගම්පහ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකුත් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 38 දෙනෙකුත් දිවුලපිටියෙන් 34 දෙනෙක් හා විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙනවා ප්‍රධාන වශයෙන්. ඊට අමතරව කොළඹින් 7දෙනෙක් කිරිඳවෙල ප්‍රදේශයෙන් 4 දෙනෙකුත් ඇතුළුව කුරුණෑගල, කිරිඳිවෙල, කොළඹ සහ ගනේමුල්ල කියන ප්‍රදේශවලින් සාමාන්‍යයෙන් 4ක් 7ක් හෝ 8ක් පරාසයක හමුවෙනවා. ඊට අමතරව ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් කඩුවෙල, නුගේගොඩ, රත්මලාන, මීගමුව, ජාඇළ, ඇඳිරි නීතිය නැති ස්ථාන වලින් කළුතර, රත්නපුර, ගනේමුල්ල, අනුරාධපුර කියන ප්‍රදේශවලින් සහ හොරණින් එක් පුද්ගලයෙකු හෝ හමුවු ප්‍රදේශ හැටියටයි මේ අනුව වාර්තා වෙන්නේ.“