gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවර ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට - (video)

හනුවර ලේවැල්ල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික නිමි ඇඳුම් ආයතනයක විදුලි සෝපානය කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවතේ පිහිටි නිමි ඇදුම් ආයතනයකදී මෙම අනතුර සිදුවී ඇත්තේ අද පෙරවරු 8.30 ට පමණ.

සිව් මහල් ගොඩනැගිල්ලක් වන මෙහි පහළ මහලේ ඉදිකිරීම් කටයුත්තක නියැලී සිටි පුද්ගලයින් දෙදෙනෙකු උඩුමහලක සිට සිමෙන්ති මිටි 6 ක් සමග පහත මාලය වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් 56 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
සිද්ධිය සිදු වූ අවස්ථාවේදී ගොඩනැගිල්ලේ හිමිකරුවන් සිට නොමැති අතර ඉදිකිරීම් සිදු කරන පෙදරේරුවන් පමණක් උදෑසන පැමිණ තම රාජකාරි ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka