මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා යාපනයේ, පුන්කුඩිතිව් ප්රදේශයේ පිහිටි සිය නිවසට ගොස් සිටි සේවිකාවකටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යාපනය රෝහල් අධ්යක්ෂකවරයා තහවුරු කර සිටිනවා.
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු පසුගිය සතියේදී යාපනයේ පිහිටි සිය නිවෙස් වෙත පැමිණ ඇති අතර වාර්තා වූ කොවිඩ් 19 තත්ත්වය සමග ඔවුන් නිරෝධායනයට යොමු කොට තිබුණා.
