gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරයේ සඟවා තිබූ වී කිලෝ ලක්ෂ ගණනක් මාට්ටු වෙයි

තරමැදියන් විසින් ගබඩා කර ඇති වී තොග සොයා ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැටලීම්වලදී අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගබඩා කර තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (15) සොයා ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මාස හයකට පෙර මිලදී ගන්නා ලද කීරි සම්බා වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මෙහි තිබූ අතර එම වී අඩු මුදලකට මිලදී ගෙන ඇති බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය. 

මෙම වී ගබඩාව අසල වී සහල් කිරීමේ සංකීර්ණයක්ද ඇති අතර එය 2017 වර්ෂයේ ලියාපදිංචි කර තිබේ. 

එම ස්ථානයේ වී සහල් කරන බව පවසා මෙලෙස වී ගබඩා කර ඇති බව වාර්තා වේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka