gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා ගැන මාධ්‍ය වාරණයක් – වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යැවූ ලිපිය මෙන්න

කොවිඩ් තත්ත්වය පිළිබඳ ව මාධ්‍යට තොරතුරු ලබාදෙන විට එය සිදුවිය යුත්තේ ඊට අදාළ බලයලත් අංශ හරහා පමණක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය සේවකයින් වෙත දන්වා තිබෙනවා. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ රෝහල්වල අධ්‍යක්ෂවරු සහ අධිකාරිවරු ට යවා ඇති ලිපියෙහි ඒ බව දැක්වෙනවා.

ඒ අනුව, යම් රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට ගිය පසු ඒ පිළිබඳ තොරතුරු රෝගීන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වට බලපෑම් එල්ල වියහැකි බැවින් මාධ්‍ය වෙත හඬපට, ජායාරූප ලෙස හෝ වීඩියෝ ලෙස නිකුත් නොකළ යුතුබව දන්වනවා.

එසේම, රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට යන්නේ නම් එවැනි අවස්ථා ආවරණය කිරීම මාධ්‍යට ඉඩනොදිය යුතු බවද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ලිපියෙහි දැක්වෙනවා.

ආයතන සංග්‍රහය අනුව අමාත්‍යාංශ ලේකම්ගේ ලිඛිත අනුමැතියකින් තොරව නිල තොරතුරු හෝ තම මතය මාධ්‍යට හෝ ජනතාව වෙත නිකුත් කිරීම රජයේ නිලධාරීන්ට තහනම් බවද ඔහු පවසනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka