අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිසිය විසින් සොයමින් සිටින සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ව මුණ ගැසීමට කරන ලද ඉල්ලීමක් උන්වහන්සේ විසින් තරයේම ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට එල්ල වෙමින් පවතින නීතිමය තත්වයන්ගෙන් බේරීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා ආණ්ඩුවට එක්වීමට ගත් උත්සාහය ද මේ වන විට ව්‍යාර්ථ වී තිබෙන බවද දැනගන්නට තිබේ.
“අපගේ ස්ථානයට ඔබ පැමිණෙන්න එපා” යැයි දන්වමින් උන්වහන්සේ රිෂාඩ් බදියුදීන් මහතා වෙත පණිවිඩ කරුවෙකු අත දැනුම් දී තිබේ.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ට සහයෝගය දෙන ලද බවට රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරුන්ට චෝදනා එල්ල වී තිබේ.
lankaleadnews
