gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමුදා නිලධාරීන් ඇල්ලුවේ මෛත‍්‍රීපාලගේ හොර අත්සනකින් – බයෙන් ගැසූ මෛත්‍රීගේ අත්සනක් කොමිසමට හසුවේ !

ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් කළ රැඳවුම් නියෝගයේ ඇති එවකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන හොර අත්සනක් බවට සැක කරන බව පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පැවසුවා.

මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සැබෑ අත්සන සහ අදාළ රැඳවුම් නියෝගයේ ඇති ජනාධිපතිවරයාගේ අත්සන අතර බරපතළ ලෙස වෙනසක් තිබෙන බවද කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

මේ අනුව මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ අත්සන හඳුනා ගනිමින් කොමිසම හමුවේ සාක්‍ෂි දීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාට කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසද කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා ඊයේ නියෝග කර සිටියා.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සැබෑ අත්සන සහිත ලේඛනයක් පෙන්වා සිටි කොමිසමේ සභාපතිවරයා මේ තියෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අත්සන යැයිද කියා සිටියා.

කොමිසමේ සභාපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සැබෑ අත්සන සහිත ලේඛනය සහ හොර අත්සනක් බවට සැක කරන අදාළ රැුඳවුම් නියෝගයේ සඳහන් වන මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අත්සන අතිරේක සොලිසිටර් ජනරාල් රොශාන්ත අබේසූරිය මහතාගේ අවධානයටද යොමු කළා.

ඔහු ද එම අත්සන් පරීක්‍ෂා කර කොමිසම හමුවේ සඳහන් කළේ එම අත්සන් දෙක අතර වෙනසක් දක්නට ලැබෙන බවයි.

මේ අත්සන පටන් ගැනීම සහ ගලායෑම බලන්න. මේක පටන් ගන්නේ බයෙන් වගේ හරියට වඳිනවද කියලා බලමින් අත්සන් කළ බවක් පෙනෙනවා. යැයිද අදාළ අත්සන සැක සහිත බවද අබේරත්න මහතා කියා සිටියා.

“මේ රැඳවුම් නියෝගය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති කාර්යාලයට යැව්ව කියන එක නෙමෙයි, මෙතන තියෙන ප‍්‍රශ්නය ජනාධිපතිවරයා මේකට අත්සන් කළා ද කියන එකයි ප‍්‍රශ්නය. ඒ නිසා නිවැරදි දේ දැනගන්න නම් මේ ගැන සන්සන්දනයක් කිරීමට සිදු වනවා “යැයි කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka