gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් එක්ක දාපු සෙල්ලම් දාන්න එන්න එපා : කිරිඇල්ල හකීම්ගේ මූණටම කියයි

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවැති සමගි ජන බලවේගය කණ්ඩායම් හමුවේදී විපක්ෂයේ ප්‍ර්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවුෆ් හකීම් යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ. පාර්ලිමේන්තුවේ කාල වේලාව වෙන් කිරීම මුල්කරගෙන මෙම උණුසුම ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.

මෙහිදී රවුෆ් හකීම් මහතා ආවේගශීලිව පවසා ඇත්තේ තමාට වෙන් කර ඇති විනාඩි 15 ක කාලය ප්‍රමාණවත් නොවන බවත්, අමතර කාලයක් ලබාදෙන ලෙසත්ය.

එහිදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ සෑම පක්‍ෂ නායකයෙකුටම වෙන් කළ කාලය හකීම් මහතාටත් වෙන් කර ඇති බවයි.

මෙහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර, අවසානයේ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ වසර ගණනාවක් එක්සත් ජාතික පක්‍ෂ නායකයා සමග කළ සෙල්ලම් නැවත සමගි ජන බලවේගය තුළ කිරීමට පටන් ගන්න එපා යනුවෙනි.

තවදුරටත් එහිදී සාකච්ඡා වී ඇත්තේ සමගි ජන බලවේගය තුළ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයන් බිහිකර ගතයුතු බවයි.

එස්.එම් මරික්කාර්, මුජබර් රහුමාන්, කබීර් හෂිම්, ඒ.එච්.එම් හලීම් වැනි මුස්ලිම් ජන නායකයින් සමගි ජනබලවේගය මගින් උතුරු, නැගෙනහිර පළාත තුලින්ද බිහිකර ගත යුතු බවත්, වෙනත් සුළු පක්‍ෂ සදහා සමගි ජන බලවේගයේ ඡන්ද පදනම මගින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඉඩ නොතිබිය යුතු බවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka