සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන හේෂා විතනගේ හා චමින්ද විජේසිරි අද (22) දිනයේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී රජයට පක්ෂව ඡන්දය ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඊයේ දිනයේදී සමගි ජනබලවේගෙයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියේ විරෝධතා සටන් පාඨ කියමින්.
පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වන තැන සිට මෙම පිරිස සටන් පාඨ කියමින් පාගමනින්ම පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා පැමිණියේය. මේ විරෝධතාව සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහභාගී වී සිටියේ නැත. ඒ හේෂා විතනගේ හා චමින්ද විජේසිරියි.
පසු ගිය දින කීපයේදී මෙම දෙදෙනා සමගි ජනබලවේගේ කටයුතු වලට පෙර මෙන් වුවමනාවෙන් සහභාගී නොවූ බවත් 20 වැනි සංශෝධනය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවලදී පවා පසු ගාමී ලෙස හැසිරුණු බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සමගි ජනබලවේගේ ප්‍රකාශකයකු පැවැසීය.
හෙතම වැඩි දුරටත් කියා සිටියේ පෙනී යන පරිදි 20 ට පක්ෂව මේ දෙදෙනා ඡන්දය පාවිච්චි කිරීමට සුදානම් වනවාදැයි සැකයක් ඇති බවයි.
මේ පිළිබඳ සමගි ජනබලවේගේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් අප කළ විමසීමකදී හෙතම කියා සිටියේ යම් යම් කාරනා සම්බන්ධයෙන් සුලු සුලු මත ගැටුම් ඇති වුණත් මන්ත්‍රීවරුන් දෙදෙනා එවැනි පාවා දීමක් කරතියි තමන් කිසි විටකවත් නොසිතන බවයි.
-kubiyonews
