ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර ඇති 20වන සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සහ බිෂොප්වරුන්ගෙන් එල්ලවූ දැඩි විරෝධයත් ආණ්ඩුවේ අභ්‍යන්තරිකව හටගෙන ඇති මත ගැටුමත් හේතුවෙන් එම සංශෝධන කෙටුම්පත ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරු 6.30ට ජනාධිපති කාර්යාලයට කැඳවා ඇතැයි වාර්තා වේ.
උක්ත තත්වය පදනම්කරගෙන ඊයේ (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙනම සාකච්ඡාවක් සඳහා කැඳවා තිබු නමුත් එහිදී ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව මෙතෙක් හෙළිදරව් වී නැත.
ඊයේ පැවති මෙම රැස්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ද නැවතත් සාකච්ඡාවක් කැඳවා තිබීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.
