gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උසස්‍ පෙළින් පසු‍ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කරනවා – ගැමුණු

ධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ අනුව ලබන නමවෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු කියා සිටියි.

කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග බස් කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුන පා ඇති බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කිසිදු විසදමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ බස් කර්මාණ්තයට ආණ්ඩුවෙන් කිසිදු සහනයක් නොලැබුන බවත් බස් සංගම් කළ යෝජනාවලට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතාචාර නොලැබීමෙන් බස් කර්මාණ්තය බරපතල අනතුරකට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනිකව ධාවනය වූ පෞද්ගලික බස්රථ 21,000 සිට 12,000 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka