මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.
මොණරාගල දී කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාව මෑත දිනෙක නිවාඩු ලබා පැමිණි එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිවී ඇති බවයි සෞඛ්‍ය බළධාරීන් සඳහන් කළේ.