gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අස්වනු නෙළීම ඇරඹිලා… කිලෝ ලක්ෂ තුනක් නිවෙස්වල… ආනයන බද්ද ඉවත් කිරීමෙන් ගලෙන්බිදුණුවැව ලොකු ලූනු ගොවියෝ හාන්සියි !

ලොකු ලූණු සඳහා පනවා තිබූ ආනයන බද්ද ඉවත් කිරීමත් සමග ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ ලොකු ලූණු වගා කළ ගොවීන් සිය අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිවීමෙන් අසීරුතාවට පත්ව තිබේ. මේ අනුව ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ ගැටලාව, දුටුවැව, නිකවැව, මයිලගස්වැව ඇතුළු ප‍්‍රදේශවල ගොවීන් පසුගිය කන්නයේ විශාල වශයෙන් ලූණු වගා කර ඇති අතර මේ වන විටත් එම අස්වනු නෙළමින් පවතී.

මෙවර ලූණු වගාව සඳහා ගොවීන්ට බීජ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවූ බවත්, නිසි වෙලාවට පොහොර, තෙල් ලබා ගැනීමට නොහැකි වූ නිසා අස්වැන්න නෙළීම අපහසු වූ බවත් පෙන්වා දෙන ගොවීන් සඳහන් කර සිටින්නේ ලූණු කිලෝවක නිෂ්පාදන මිල රුපියල් අසූපහකට වැඩි බවත්,

රුපියල් සියයක මුදලකට වෙළෙදෙපොළට අලෙවි කිරීමට සිදුවීමෙන් තමන් මහත් අපහසුතාවට පත්ව සිටින බවත් ය.

එමෙන්ම ගලෙන්බිදුණුවැව ගොවීන් ලූණු කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයක් සිය නිවෙස්වල තබා ගනිමින් සිටින අයුරු ද අපට දක්නට ලැබිණ. ඒ අනුව තමන්ගේ අස්වනු සඳහා නිසි මිලක් ලබා දෙන මෙන් ගොවි ජනතාව ඉල්ලා සිටිති. එමෙන්ම රුපියල් දෙසිය විස්සක පමණ මුදලකට ලොකු ලූණු මිලදී ගත් වෙළෙඳුන් ද මේ වන විට අසීරුතා රැසකට මුහුණදී ඇති බව වෙළෙඳසල් හිමියන් පවසයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka