මරණීය දණ්ඩනය හිමිව බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ලිපියකට අත්සන් තබා ඇත.
අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම අත්සන් තැබීම සිදු කොට තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් මෙම ලිපිය එවා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ලිපියට අස්සන් තබන ලෙසට කර ඇති දැනුම් දීමෙන් අනතුරුව සියලුම මන්ත්‍රීවරුන් ඊට අත්සන් තබා ඇති බව පැවසේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව දුමින්ද සිල්වා මහතා වෙත මරණ දඩුවම හිමිවිය.
- mawratanews