gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ‘දරුවන්ට’ විභාග පැවැත්වෙන්නේ මෙලෙසයි

අ.පො.ස (උසස් පෙළ) සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දී විභාග මධ්‍යස්ථාන යොදාගන්නා ආකාරය සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගය ලබාගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එහිදී නිරෝධායනයෙහි යෙදෙන සිසුන් වෙනුවෙන් වෙනම විභාග මධ්‍යස්ථාන අදාළ පරිශ්‍රයන්හි ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, සෑම විභාග මධ්‍යස්ථානයක ම පුද්ගල දුරස්ථභාවය සහිත ව සිසුන් අසුන්ගත කිරීමටත්, විෂබීජහරණය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අකුරටම ක්‍රියාවට නැංවීමටත් සියලු විධිවිධාන මේ වනවිටත් යොදා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල සිට විභාග සඳහා පෙනීසිටින සිසුන් වෙත අදාළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන එම ප්‍රදේශ ආශ්‍රිතව ම ලබාදීමටත් ඒ සඳහා සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩප්‍රස්ථා සැලසීමට අවශ්‍ය විධිවිධාන යොදන අන්දමත් මෙහිදී සාකච්ඡා වී තිබුණා. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka