මෙරට තුළ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හමුදාවට ලබා දීම වැරදි බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එහි ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හිමි මිය යුත්තේ සෞඛ්‍ය අංශයට බවයි.
අද වන විට මෙරට කොරා්නා පාලනය හමුදා මෙහෙයුමක් බවට පත්වී ඇතැයි ද පැවසූ ඔහු එය යුධ හමුදා අංශ අනතුරේ හෙලීමක් බවත් සෞඛ්‍ය අංශවල චිත්ත ශක්තිය දුර්වල කිරීමක් බවත් සඳහන් කළේය.
