දිවුලපිටිය රෝහලේ සුළු සේවකයින්ගේ පාලකවරයා කොවිඩ් – 19 ආසාදිත වී ඇති බවට අනාවරණය වීමෙන් පසු එම රෝහල අද (18) සිට තාවකාලිකව වසා දමා තිබේ.
දිවුලපිටිය රෝහලේ කාර්යමණ්ඩලය සඳහා පසුගිය 15 වනදා PCR පරීක්ෂණය සිදු කර ඇති අතර මෙම සුළු සේවක පාලකවරයා කොවිඩ් – 19 ආසාදිත බවට එහිදී අනාවරණය වී ඇත.
ඉන් පසු ඔහු සමග සමීපව වැඩ කළ රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ඊයේ (18) අනුරාධපුරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.