gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ්ට සාක්ෂි තිබී ඇත්තේ හොර පාස්පෝට් චෝදනාවට පමණයි. DIG කෙනෙක් ගැනත් විස්තර කියලා ?

අද (20) අළුයම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදී මියයන තුරුම මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්ෂි හමුවී ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදෙස්ගත වීමේ චෝදනාවට පමණක් බව වාර්තා වේ. 

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනු ලදුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමේ සිට පසුගිය වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ ඔහුගෙන් ප්‍රශ්න කරමින් විමර්ශන කරන ලද නමුත් ඔහුට එල්ල වී තිබුණු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව හෝ පාතාල මිනීමැරුම් පිළිබඳ චෝදනා කිසිවක් අධිකරණයක් හමුවේ ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පොලිසියට ලැබී තිබුණේ නොමැති බව සඳහන්.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව සහ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමක් පිළිබඳව ද නාමල් කුමාර නමැත්තෙකු විසින් මධුෂ්ට එරෙහිව එල්ල කළ චෝදනාව අවසානයේ කිසිදු පදනමක් නොමැති එකක් බවට පත්ව තිබිණි. 

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව, අධිචෝදනා ගොනු කිරීමකින් තොරව, රක්ෂිත බන්ධනාගාරගත කිරීමකින් තොරව පසුගිය ඔක්තෝබර් 16 වනදා දක්වාම සීඅයිඩීය භාරයේ තබාගෙන සිටීමට සිදුව තිබුණේ ද මෙසේ ඔහුට එරෙහිව අපරාධ චෝදනාවලට අදාළව නඩුවක් ගොනු කිරීමට හැකියාවක් නොතිබුණු නිසාය. 

ඔහු සීඅයිඩීය භාරයේ සිටියදී විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පාපොච්ඡාරණය කර තිබුණු නමුත් ඒවා නඩුවක් ගොඩනැඟීමට සාක්ෂි වශයෙන් භාවිතා කළ නොහැකි බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ. 

කෙසේවෙතත් මෙම පාපොච්ඡාරණයේදී ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා මහතාට අයත් සංචාරක හෝටලයක් ගැන, එම කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට පිළියන්දල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවීමේ සිදුවීම පිළිබඳව සහ එම වෙඩිතැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු රටින් පළාගිය ආකාරය පිළිබඳව කරුණු හෙළිදරව් කර ඇතැයි වාර්තා වන අතර ඒ පිළිබඳ වැඩි විස්තරයක් දැනට දැනගැනීමට නොමැත. 

-lankanewsweb


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka