
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය ලබන 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයට එළඹ තිබේ.
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් පැවැත්වීමට අවශ්‍ය බව විපක්ෂය ප්‍රකාශ කර සිටියදී ඒ සඳහා ආණ්ඩු පක්ෂය එකඟ වී නොමැත. ආණ්ඩු පාර්ශ්වය පවසා තිබෙන්නේ ඒ සඳහා දින තුනක් ලබාදිය නොහැකි බවයි. දින දෙකක් ප්‍රමාණවත් බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.
