gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ගෝටාභය මට දැඩි විශ්වාසයි.. 20ය ඡන්දෙ දුන්නාට කිසිම ප‍්‍රතිලාබයකට නොවේ - ඩයනා

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හදනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

20 සංශෝධනට ඡන්දය ලබාදුන්නේ කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද ඇය සඳහන් කරන්නීය.

ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාගේ අත්දෙක බැද බැඳ දමා පිහිනන්න කීම වැරැදි බවත් ඔහුගේ ගිලෙන තුරු බලා සිටීම වැරදි බවත් ඇය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයෙක් ලෙස වැඩක් කරන්න බලයක් තිබිය යුතු බවත් නාමික ජනාධිපතිවරයෙක් වැඩක් නැති බවත් ඇයගේ අදහසයි.

තමන් මෙම සංශෝධනයට පක්ෂ වූයේ රට ගැන සිතා බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා මොනරාගලට වී සිටියදී තමන් මැතිවරණ කොමසාරිස්වරයා සමග පක්‍ෂයේ සියළු කටයුතු කොළඹට වී සිදු කල බවත් ඒ නිසා තමනට මන්ත්‍රී ධූරය ලබාදීම සාධාරණ බවත් ඇය තව දුරටත් පැවසුවාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka