gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැඳුම්කර අර්ජුන් ඇලෝසියස් ගේ සල්ලි වලින් මොනෑක් නිවස ගත් හැටි අහන්න රවීට, ඇලෝසියස්ට මහාධිකරණයෙන් සිතාසි

 හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය දරුවන් සහ බිරිඳ සමග පදිංචිව සිටින බව කියන කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ රුපියල් කෝටියකට වඩා වටිනා නිවසක් ලබාගැනීම එම නිවස සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලබන නෙවැම්බර් 18 වැනිදා අධිකරණ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා අද (12) සිතාසි නිකුත් කළේ ය.

රජයේ සේවකයකු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමෙන් මුදල් ගෙවු කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවසක් ලබාගැනිමෙන් රවී කරුණානායක මහතාද එම නිවස ලබාගැනීම සදහා ආධාර අනුබල දීමෙන් අර්ජුන් ඇලෝසියස් මහතාද අල්ලස් පනත යටතේ දඩුවම් ලැබිය යුතු වැරදි සිදුකොට ඇතැයි සදහන් කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 06ක් යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත‍්‍ර භාරදීම සදහා විත්තිකරුවන් මෙලෙස මහාධිකරණයට කැදවා ඇත.

මෙම නඩුවේ පළමු විත්තිකරු වශයෙන් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පදිංචි සන්ද්‍රේෂ් රවීන්ද්‍ර කරුණායක මහතාද දෙවැනි විත්තිකරු වශයෙන් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ් රෝ ඇෂෝෂියේට් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන කොළඹ 07 මල්පාරේ පදිංචි අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතාද නම් කොට ඇත.

2016 පෙබරවාරී මස 16 වැනිදාත් 2016 සැප්තැම්බර් මස 30 වැනිදාත් අතර කාලයේදී රජයේ සේවකයකු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්‍ෂධුර දරණ පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ හා වෝලට් ඇන්ඞ් රෝ ඇෂෝෂියේට් සමාගමේ චෙක්පත් මඟින් රුපියල් ලක්‍ෂ 116 කට අධික මුදලක් යොදවා ලබාගත් ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ 5 2 දරණ නිවසේ පදිංචිව සිටීම ඒ සදහා පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ් රෝ ඇෂෝෂියේට් සමාගමේ චෙක්පත් මඟින් මුදල් ගෙවීම ඇතුළු චෝදනා මත රවී කරුණායක මහතාට එරෙහිවද මේ සදහා රවී කරුණායක මහතාට ආධාර හා අනුබල දුන් බවට අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇත.

චෝදනා 06ක් යටතේ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සදහා සාක්ෂිකරුවන් 58 දෙනෙකු කැදවීමටද ලේඛණ 32ක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka