gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ගෙනාපු වෛද්‍ය ජයරුවන් කොරෝනා ගැන ඇත්ත කතාකරාම අයින් කළා

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම තනතුරෙන් නෙරපීම සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවකදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් දක්වනු ලැබුවා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම මැතිණියගේ සමීපතමයෙකු බවත් දේශපාලනිකව පොහොට්ටුව වෙනුවෙන් කටයුතු කරන්නෙකු බවත් තමන්ට බොහෝ දෙනා පෙන්වා දෙද්දීත් රාජකාරිය සහ දේශපාලනය වෙන්කර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ හැකියාව සලකා බලා ඔහුට වැඩ බලන අධ්‍යක්ෂ දූරයකට පත් කළ බව ඒ මහතා පවසනවා.

අනිල් ජාසිංහ මහතාද දේශපාලනිකව විරුද්ධවාදීන් සමග සිටින අයෙකු බව දන්නා නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුස්සා ඔහු බැවින් එම පත්වීම තමා ලබා දුන් බවද ඒ මහතා පෙන්වා දෙනවා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් වෛද්‍ය පර්යේෂණ ආයතනය දියුණු කළ බවත් පසුගිය වසංගත සමයේදී කෝටි 10-15ක පමණ මුදලක් රජයට ගෙනා බවත් රසායනාගාර පහසුමක් දියුණු කර කටුනායක ගුවන්තොටුපළේ දියුණු රසායනාගාරයක්ද විවෘත කළ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

නමුත් වත්මන් රජය ගෙන ඒමට උපකාර කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොරෝනා රෝගය පිළිබඳවනිවැරදි තොරතුරු නිබයව ඉදිරුපත් කළ බැවින් ඔහුට මේ ඉරණම අත්වූ බව ඒ මහතා පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka