සහරාන්ට ඉන්දියාවට පැනයාමට සහය දුන්නේ රිෂාඩ්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් බව, හමුදා බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මෙරට යුද හමුදාපතිවරයාව සිටි විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ජනාධිපති කොමිසම ඊයේ සාක්ෂි විමසීම සිදුකෙරුණු අතර, ඔහු සාක්ෂි විමසීම සඳහා සම්බන්ධ වුයේ සජීවි වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටයි.