පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධ විමර්ශනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අතපෙවීමක් සිදු නොකරන බවත් ආණ්ඩුවේ කතෝලික ඇමතිවරුන් ලෙස තමන් මේ ජනාධිපතිවරයා යටතේ එම ප්‍රහාරයේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි අතිශයින්ම විශ්වාස කරන බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
"අපි විශ්වාස කරනවා මේ රටේ නීතිය. අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමාව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය දරණ මේ ආණ්ඩුව තුළ දැවැන්ත විශ්වාසයක් නීතිය ගැන අපට තියෙනවා.
එතකොට මේ පරීක්ෂණවලදි තාම අපට කියන්න බෑ හරියටම මේකෙ අවසානය මොකද්ද කියන එක අපි තාම දන්නෙ නෑ. ඉතිං මේක අවසානයෙදි හරි තොරතුරු එළියට එයි කියලා දැවැන්ත විශ්වාසයක් අපට තියෙනවා. මම හිතන්නෙ ඉදිරියෙදි අපි බලන්න ඕනෙ ... මම කියන්නෙ තාම අපට මේක කල් වැඩියි මේක ගැන කියන්න. අපි හිතනවා මේ පරීක්ෂණ අවසානයෙදි තමයි අපට හරියටම දැනගන්න පුළුවන් මේකට කවුද සම්බන්ධ, කවුද නැත්තෙ කියලා.
දැන් අපි සමහරක් වෙලාවට අපි කිව්වත් මොකක් හරි දෙයක් කරුණු, ඒවත් එක්ක නේද මේ පරීක්ෂණ කරන්නෙ ? හැබැයි අනිත් කාරණාව තමයි අපට තේරෙනවා නම් මොනවා හරි දෙයක් නිසා - කතෝලික ඇමතිවරු හැටියට අපි කියන්නෙ - මොනවා හරි දෙයක් නිසා කවුරුහරි මේක වෙනත් ආකාරයකට මෙහෙයවනවා කියනවා නම් අපි ආණ්ඩුව තුළ ඒ විරෝධතාවය අපට තියෙනවා. නමුත් අපට දැවැන්ත විශ්වාසයක් අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව තියෙනවා. අපි දන්නවා එතුමාගේ වැඩපිළිවෙල පිළිබඳ මේ තාක් දුරට අපි දැක්කා. එතුමා නීතියට අත දාන්නෙ නෑ. හැබැයි නීතිය කරන අය මේක හරියට කරයි කියන එක අපට ක්‍රිස්තියානි ඇමතිවරු හැටියට අපේ ජනතාව පැත්තෙන් අපේ තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.