රටේ උද්ගත වි ඇති වසංගත තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙනතුරු සති අන්ත දිර්ඝ නිවාඩුවට සහ ඉදිරි දින කිහිපය තුල නුවරඑලියේ විනෝද චාරිකා සදහා පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍යයට (29) දින විශේෂ ප්‍රකාශ කරමින් දිස්ත්‍රික් ලේකම්රයා එ බැව් පැවසිය.
නුවරඑලිය ග්‍රෙගරි වැව උද්‍යානය , වික්ටොරියා උද්‍යානය , සදතැන්න ඇතුළු සියළුම සංචාරක ස්ථාන වසා දමා ඇති බවත් , නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් අතර සාකච්ඡාවක් පැවැත් වු බවත් , එම සංචාරක හෝටල් හිමියන්ගේ ඉල්ලිම මත සංචාරක හෝටල් ද වසා දමා ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් ගණනාවක් හමුවි ඇති බවත් , තවත් පිරිසක් නිරෝධානයට යොමු කර ඇති නිසා නුවරඑලියේ සංචාරය කිරිම දැඩි අවධානම් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
පවතින වසංගත තත්ත්වය හමුවේ රට ආරක්ෂා කර ගැනිමට රජය ගෙනයන සෞඛ්‍යය අංශ වැඩපිලිවෙලට සහය දක්වන ලෙසත් , එයට පටහැනිව නුවරඑලියට පැමිණෙන සංචාරකයන්ට නිරෝධාන නිතිය අනුව අවශ්‍යය නිතිමය පියවර ගැනිමට ආරක්ෂක අංශ නිලධාරින් දැනුවත් කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ