gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුම්රියෙන් ගාල්ලට ගිය කොවිඩ්

කොළඹ වරායේ සේවකයින් දෙදෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ඉන් එක් අයෙකු ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

කිතුලම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිත පුද්ගලයා පසුගිය 15වැනි දා කොළඹ සිට ගාල්ල දක්වා දුම්රියෙන් ගමන් කර ඇති අතර ප්‍රදේශයේ සුපිරි වෙළෙදසැලකට ද ගොස් ඇති බව සදහන් වේ.

ඔහුගේ බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරියක වන අතර ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට හා PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසා තිබේ. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka