අලුතින් හඳුනාගන්නා කොරෝනා ආසාදිත පුද්ගලයන් ත්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇතුලත් කිරීමට තීරණය වී තිබේ.
මේ අනුව මූලික වශයෙන් කහගොල්ල හා ගල් කන්ද නිරෝධායන මධ්‍යස්ථාන වලට ආසාදිතයන් හා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම මධ්‍යස්ථාන අතරමැදි වෛද්‍ය නිරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර වෛද්‍යවරුන් විසින් පාලන කටයුතු සිදුකරන අතර කෑම බීම ආරක්ෂාව ඇතුළු කටයුතු ත්‍රිවිධ හමුදා මගින් සපයනු ලබයි.
එම මධ්‍යස්ථානවල රඳවන අයගේ සංකූලතා ඇතිවන්නේ නම් ඔවුන් ළඟම ඇති කොරෝනා ප්‍රතිකාර රෝහලට යැවීමට තීරණය වී ඇත.
දැනටමත් තීරණය කළා ඇත්තේ කොරෝනා ආසාදිතයන් ගේ පළමු පෙළ ආශ්‍රිතයන් තම නිවසේම නිරෝධානයට සැලැස්වීමටයි.
නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටින සියලු පුද්ගලයන් සියළු දෙනා ඉදිරි දින දෙක තුන තුළ නිවාස වෙතයොමු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඊට පෙර ඔවුන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කරන බව ද ඔහු පැවසීය.
